Saturday, July 29, 2017

පොඩ්ඩක් Hacking ගැන කතා කරන්න හිතුන.

ගොඩක් අය මගෙන් අහන ප්රශ්නක් තමයි කොහොමද

  • Hack කරන්නේ කොහොමද?
  • Hack කරන්න ඕනි මොනවද
  • Hack වෙන්න නැතුව ඉන්නේ කොහොමද? 
  • Hack වෙලා නම් එක හදාගන්නේ කොහොමද?




ඉස්සල්ල කතා කරමු hacker කෙනෙක් කියන්නේ කවුද කියල?

මම මෙහෙම කියන්නනම් hacker කෙනෙක් කියන්නේ කවුද කියල හිතන්න සාමාන්‍ය කෙනෙක්ට phone එකක් හම්බුනා කියල සාමාන්‍ය කෙනෙක් කියන්නේ call ගන්න එක, SMS කරන එක ඉන්ටෙර්නෙට් යන එක වගේ දේවල්. එත් හැකර කෙනෙක් හිතන්නේ “මට මේකෙන් සාමාන්‍ය කෙනෙක් කරන දේවල් වලට අමතරව මොකද්ද කරන්න පුළුවන්” ඒ දේ හොඳ දෙයක් වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. එක තීරණය වන්නේ එය මොන වගේ හැකර් කෙනෙක් ද කියන එක මත,


මම ඉස්සල කිවුවනේ “එක තීරණය වන්නේ එය මොන වගේ හැකර් කෙනෙක් ද කියන එක මත” කියල මොකද්ද එකෙන් අදහස් වෙන්නේ.
ඇත්තටම ලෝකේ ඉන්නවා,

  • White hats hacker
  • Gray hats hacker
  • Black hat hacker
white hat හැකර්ස් කියල කියන කට්ටිය අපි හැමෝම අස කරන හැකර්ස්ල නම් නෙවෙයි මෙය තමයි ලෝකෙට හොඳ දේවල් කරන්නේ hacking පැත්තෙන්. white hat hackers ලට කියන තව නමක් තමයි ethical hackers. හිතන්න ඔයාගේ වෙබ් අඩවිය black hat හැකර් කෙනෙක් හැක් කරලා ඔයාට දැන් එකට access නැ කියල, white hat හැකර්ස් කරන්නේ ඔයාගේ වේ අඩවිය ආයේ හැක් කරලා ඔයාට ලබා දෙනවා වගේ හොඳ දේවල්, සමහර විට ඔයටගේ එකට මුදල් ගන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්.
White hat hackers තමයි cyber security සම්බන්දව කටයුත් කරන සමාගම් වල වැඩ කරන්නේ එයාල කරන්නේ ඇත්තටම black hat hackers ලගෙන් සාමාන්‍ය මිනිස්සුන්ට හරි සමාගම් හරි ආරක්ෂා කරන එක නොමිලේ නම් කරන්නේ නැ මේ වගේ දේවල් එක හන්ද white hat hacker කෙනෙක් වුනොත් හොඳ ජොබ් එකක් කරන්න පුළුවන් හොද පඩියකට.  

හැමෝම දන්නවනේ Linux OS එක Linux OS හදලත් තියෙන්නේ මේ white hat hackers තමයි, මොකද ඉස්සර වින්ඩොව්ස් එහෙම සල්ලි දීල ගන්න තිබ්බේ, ඒ කලේ වින්ඩොව්ස් සල්ලි දීල ගන්න ඕනි නැත නම් PC එකක් use කරන්නේ නැතුව ඉන්න ඕනි, අන්න ඒවාගේ හන්ද තමයි, Linux වගේ දේවල් ලෝකෙට ඇවිල්ල තියෙන්නේ.

මෙයාලව එක එක විදිහට හදුන්නනවා, black/white hat hackers කියල, ඒ වගේ නම් ගොඩක් තියෙනවා ඒ මොන නම පාවිච්චි කරත්, මෙයාල කරන්නේ black hat hackers සහ white hat hackers කියන කොට්ටාස දෙකේම මැද්දේ ඉදල කරන දේවල්. හිතන්න ඔයාලගේ ගෙදර මොකක් හරි කැඩිලා කියල, එක හදන්න ඉතින් කෙනෙක් ගෙදර එන්න ඕනිනේ, ඔයාලගේ ගෙදර එන්න බැනේ ඔයාගෙන් හරි කාගෙන් හරි අවසරයක් නැතුව, Gray hat hackerල කරන්නේ අවසරයක් නැතුව ගෙදර ඇතුලට ඇවිල්ල එක හදල යන එක. එයාල වැඩ කරන්නේ ඒ ඒවගේ තමයි.

උදාහරණයක් කියනවා නම්,
            
2000 අප්‍රේල් මාසේ, Hardbeat කියන gray hat hacker කෙනා aparch සමාගමගේ servers අවසර නැතුව ඇතුල් වෙලා එකකේ තිබ්බ දෝසයක් ගැන alet කරලා servers වලට අවුලක් කරන්න නැතුව ගිහිල්ල තියෙනවා.
අන්න ඒ වගේ දේවල් තමයි Gray hat hackers කියන්නේ.
මෙයාල තමයි hackers කියන අපි අස hacking කරන අය සහ දරුණුම කට්ටිය, black hat hackersල ඕනි කෙනෙක් data උස්සන්න තමයි බලන්නේ ඊට පස්සේ ඒ data අරගෙන එයාලට වාසි වෙන දේවල් තමයි කරන්නේ.
·       person computers hack කරලා private photos අරගෙන blackmail කරන ඒවා.
·       බැංකු hack කරලා credit card අරගෙන deep-web එකේ විකුණන් ඒවා,
·       රජයේ ආයතන වලට
           
වින්ඩොව්ස් ගැන කතා කරේ හන්ද ඉස්සල්ල, ලංකාවේ බහුතරයක් use කරන්නේ, pirate windows නේ, මේ pirate කරන්න crack එක හදන්නේ, black hat hackers තමයි. මෙයාල crack හදන්නේ නම් අනිත් යට ආදරේට නම් නෙවෙයි. මෙයාල ඒ crack එක අස්සේ තව hacking tools (Trojan viruses) එහෙමත් ඔබල තමයි එවන්නේ. ඒ tools use කරලා Botnet හදන දේවල්, එහෙම කරනවා. සමහරවිට ඔයාලගේ data උස්සන්නත් පුලුව. එක හන්ද crack කරලා software use කරනකොට ලොකු risk එහෙමත් තියෙනවා.


මම හිතනවා මේක කියවපු කෙනෙක්ට පොඩි හරි අදහසක් වෙන්න ඇති මොකද්ද මේ HACKING කියන්නේ කියල, තේරුනේ නැති දෙයක් තියේනම් comment එකක් දල අහන්න.

ඉදිරියට තව විස්තර 

  1.      botnet කියන්නේ මොකද්ද? 
  2.      උඩ අහල තියෙන ප්‍රශ්න වලට උත්තර,
  3.      hack කරන්නේ කොහොමද videoත් සමග 

අතුලුත් කරන්න බලාපොරොත්තු වෙනවා.

1 comment:

  1. මට උදව්ව ඕනෙ.පුලුවන් නම් නම්බර් එකක්.තියෙනවා එක.ගැන හොයලා දෙන්න .මං ඉන්නෙ රට එකයි

    ReplyDelete